Friday, January 9, 2015
ආරම්භයට සටහනක්.
ලක්වැසියානි,
ආයුබෝවන්!!!!
කාලාන්තරයක් තිස්සේ හිතේ රැඳී අරමුණක් සැබෑ කරගැනීම උදෙසා මෙමගින් උත්සාහ කරමු.මෙය කිසිම පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් උදෙසා නොකරන බවටත් අප අඩවියේ කිසිදු ප්‍රචාරක දැන්වීමක් පල නොකිරීමටත් අප වගබලාගන්නෙමු.
අන්තර්ගතය:
අප මෙම අඩවිය මගින් බලාපොරොත්තුවන්නේ අප රටට අවේනික දේශිය කර්මාන්ත මෙන්ම අනෙකුත් අභාවයට යන කර්මාන්ත පිළිබඳව පුළුල් අධ්‍යනයකටය.එම කර්මාන්ත ගැන සහ ඒවායින් අප රටට ලැබෙන ප්‍රතිලාභ ගැන මෙන්ම ඒවා කරගන යන මිනිසුන් ගේ වටපිටාව හා ඔවුන් මෙහිදී මුහුණපාන ගැටළු හා කම්කටොලු පිළිබඳව අධ්‍යනයත්,එමෙන්ම එම කර්මාන්තවල වටිනාකම හා ඒවා රැකගැනීමේ වටිනාකම රට වැසියන් හට ඒත්තුගැන්වීමත් අපගේ ප්‍රධාන අරමුණු වේ. අප රටේ නිෂ්පාදන ආර්ථිකයේ වටිනාකම මෙන්ම එය රැක ගැනීමට හා වැඩිදියුණු කිරීමට රට වැසියා උනන්දු කරවීමත් අභාවයට යන කර්මාන්ත පිළිබඳව වගකිව යුත්තන්ගේ හා රටවැසියන්ගේ අවධානය ඒ වෙත යොමුකරවීමත් මෙමගින් අප බලාපොරොත්තුවෙමු.
ඔබටජය!!!!
දැනුම්දීමයි:
දැනට මෙහි ඇති සමහර චායාරූප අන්තර්ජාලයෙන් (google.lk) මගින් ලබාගත්තු ඒවා වන අතර එවහේ හිමිකරුවන් පිලිබඳ නිවැරදි තොරතුරු නොදන්නා බැවින් ඔවුන්ගෙන් අවසර නොගැනීම පිලිබඳ කණගාටුව ප්‍රකාශ කරමු.ඒ අතරම ඔවුන්ට ස්තුතිය පළකරමු.ඉදිරියේදී සියලුම චායාරූප හා වීඩියෝ පිලිබඳ සියලුම වගකීම් අප විසින් භාරගන්නෙමු.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment