Saturday, January 10, 2015

අප මුලිකව අධ්‍යනය කිරීමට බලාපොරොත්තුවන කර්මාන්ත

කර්මාන්ත රැසක් අතරින් මුලිකවම අප විසින් කර්මාන්ත කිහිපයක් අධ්‍යනය කිරීමට බලාපොරොත්තු වනවා.ඒවා පහත සඳහන් වේ.


  • ලාක්ෂා කර්මාන්තය
  • පිත්තල කර්මාන්තය
  • ලී කැටයම් හා වෙස් මුහුණු කර්මාන්තය
  • බතික් කර්මාන්තය
  • රිදී භාණ්ඩ නිෂ්පාදනය

මීට අමතරව ඉදිරියේදී තවත් අංශ රැසකට අප අවධානය යොමුකරන්න බලාපොරොත්තු වනවා.ඒ සඳහා ඔබගේ තොරතුරු හා සහයෝගය අප හට ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා.ජය!!!

Friday, January 9, 2015

ආරම්භයට සටහනක්.



ලක්වැසියානි,
ආයුබෝවන්!!!!

කාලාන්තරයක් තිස්සේ හිතේ රැඳී අරමුණක් සැබෑ කරගැනීම උදෙසා මෙමගින් උත්සාහ කරමු.මෙය කිසිම පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් උදෙසා නොකරන බවටත් අප අඩවියේ කිසිදු ප්‍රචාරක දැන්වීමක් පල නොකිරීමටත් අප වගබලාගන්නෙමු.

අන්තර්ගතය:
අප මෙම අඩවිය මගින් බලාපොරොත්තුවන්නේ අප රටට අවේනික දේශිය කර්මාන්ත මෙන්ම අනෙකුත් අභාවයට යන කර්මාන්ත පිළිබඳව පුළුල් අධ්‍යනයකටය.එම කර්මාන්ත ගැන සහ ඒවායින් අප රටට ලැබෙන ප්‍රතිලාභ ගැන මෙන්ම ඒවා කරගන යන මිනිසුන් ගේ වටපිටාව හා ඔවුන් මෙහිදී මුහුණපාන ගැටළු හා කම්කටොලු පිළිබඳව අධ්‍යනයත්,එමෙන්ම එම කර්මාන්තවල වටිනාකම හා ඒවා රැකගැනීමේ වටිනාකම රට වැසියන් හට ඒත්තුගැන්වීමත් අපගේ ප්‍රධාන අරමුණු වේ. අප රටේ නිෂ්පාදන ආර්ථිකයේ වටිනාකම මෙන්ම එය රැක ගැනීමට හා වැඩිදියුණු කිරීමට රට වැසියා උනන්දු කරවීමත් අභාවයට යන කර්මාන්ත පිළිබඳව වගකිව යුත්තන්ගේ හා රටවැසියන්ගේ අවධානය ඒ වෙත යොමුකරවීමත් මෙමගින් අප බලාපොරොත්තුවෙමු.

ඔබටජය!!!!

දැනුම්දීමයි:

දැනට මෙහි ඇති සමහර චායාරූප අන්තර්ජාලයෙන් (google.lk) මගින් ලබාගත්තු ඒවා වන අතර එවහේ හිමිකරුවන් පිලිබඳ නිවැරදි තොරතුරු නොදන්නා බැවින් ඔවුන්ගෙන් අවසර නොගැනීම පිලිබඳ කණගාටුව ප්‍රකාශ කරමු.ඒ අතරම ඔවුන්ට ස්තුතිය පළකරමු.ඉදිරියේදී සියලුම චායාරූප හා වීඩියෝ පිලිබඳ සියලුම වගකීම් අප විසින් භාරගන්නෙමු.